32 C
Colombo
Saturday, April 20, 2024

ගුරු වර්ජනය අවසන් වෙයිද?

- Advertisement -

වර්ජනය නතර කිරීමට වෘත්තීය සංගම් නියෝජිතයින් එකඟ වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අද (12) දහවල් අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවති අතර ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීම සඳහා රජය ලබාදෙන විසඳුම පිළිබඳව එහිදී වෘත්තිය සමිති නියෝජිතයින් දැනුවත් කෙරිණ.

කෙසේ නමුත්, රජය ලබාදෙන විසඳුම පිළිගන්නේ ද යන්න පිළිබඳව වෘත්තීය සමිති නියෝජිතයින් හෙට දිනයේ රැස් වී සාකච්ඡා කර එකඟතාවකට එළැඹෙන බවයි ගුරු වෘත්තීය සමිති පවසන්නේ.

වර්ජනය දැනට අවසන් කර නොමැති බවත් ගුරු – විදුහල්පති සන්ධානය හෙට දිනයේ රැස්වී විධිමත්ව මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලිං මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන නිවේදනයක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් 70% ක් පමණ නිවෙස්වල ආරක්ෂිතව සේවය කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගෙන්...

නැවෙන් එන සංචාරකයින්ට ඔන්ලයින් වීසා

නැව් මාර්ගයෙන් මෙරට සංචාරය කරන මගීන් සඳහාද නව මාර්ගගත(Online) වීසා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.   එහි අතිරේක පාලක ජනරාල් නිමල් ගුණවර්ධන...

විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර ගිහින්

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇති බවට පුවතක් ‘ලංකාදීප’...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...