27 C
Colombo
Wednesday, March 19, 2025

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

- Advertisement -

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ නොරොච්චෝලේ තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට දිනයේ අදාළ තීරණය ගැනීමට නියමිත බවයි.

පසුගිය ඉරිදා ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාව මත නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි ඉල්ලුම කළමනාකරණය කරගත නොහැකි වීම නිසා ඉකුත් සඳුදා සහ අඟහරුවාදා යන දෙදින තුළ පැය එකහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත්තා.

නමුත් නවම් පොහොය යෙදී තිබුණු ඊයේ (12) දිනයේ පැවති අඩු විදුලි ඉල්ලුම කළමනාකරණය කරගත හැකිවීම මත විදුලි කප්පාදුවක් සිදු කෙරෙුණේ නැහැ.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය අද පෙරවරුවේ නිවේදනය කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදත් පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බවයි.

මේ අතර පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවයෙන් අක්‍රීය වූ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 3 කඩිනමින් යථා තත්ත්වයට පත්කර එය ජාතික පද්ධතියට එක්කිරීම සඳහා විදුලි ඉංජිනේරුවන් සහ කාර්යමණ්ඩලය යුහුසුළුව කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

දේශබන්දු වහාම අත්අඩංගුවට ගන්න – වැඩබලන පොලිස්පති

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගැනීමට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කරන්නැයි වැඩබලන...

POPULAR ARTICLES

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දුට විවෘත වරෙන්තුවක්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු...

දේශබන්දුගේ බිරිඳ සහ පුතා මතු වෙයි

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට...