32 C
Colombo
Friday, January 17, 2025

මෙරට ආයෝජනයට ඉන්දීය ව්‍යාපාරිකයන්ගේ කැමැත්ත

- Advertisement -

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී ඊයේ (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක්ව තිබෙනවා.

ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවට ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යවසායකයන් සහභාගී වු බව සඳහන්.

ශ්‍රී ලංකාවේ ආයෝජනවලට ඇති හිතකර පරිසරය පහදා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස ඉන්දීය ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා පුළුල් කිරීමේ අරමුණෙන් පැවති එම සාකච්ඡාවේදී ඩිජිටල් ආර්ථික, සංචාරක, පුනර්ජනනීය බලශක්ති සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබුණා.

ඒ අනුව දෙරට අතර වෙළෙඳ කටයුතු මුල්කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡාවට ලක් වුණා.

මෙහිදී ශ්‍රී ලංකාවේ අයෝජන අවස්ථා කෙරෙහි යොමු වීමට ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් කැමැත්ත පළ කළ අතර ඒ සඳහා අවශ්‍ය ආයෝජන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා රජය එකඟ වි තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර...

චීනයේ සතුටුම නගරයට ගිය අනුර

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර...

මාධ්‍යවේදී එක්නැලිගොඩගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල්තැබේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි...

POPULAR ARTICLES