විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ ටිරාන් අලස් යන මන්ත්‍රීවරුන්ට රජය හා එක්වන ලෙස ජනාධිපතිවරයා විසින් ආරාධනා කර ඇති බව වාර්තා වනවා.
විමල් වීරවංශ පවසන්නේ පසුගිය සෙනසුරාදා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ දී ජනාධිපති විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි.
සියළු පක්ෂ සහභාගීත්වයෙන් අන්තර්කාලීන භාරකාරය රජයක් පිහිටුවන ලෙස තමන් ඇතුළු කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඔහු පවසනවා.
මේ අතර, සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ දින ප්‍රකාශ කළා.
අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම් ලිපි අග්‍රාමාත්‍යවරයා වෙත භාර දුන් බවයි දිනේෂ් ගුණවර්ධන මහතා තහවුරු කර සිටියේ.