සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සිය පක්ෂයේ නිර්දේශ ඇතුළත් කරමින් විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ ද ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.
රටතුළ පවතින තත්ත්වය යටතේ ජනාධිපතිවරයාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විකල්ප දෙකකින් එකක් තෝරා ගැනීමට සිදුවන බවයි එහි දැක්වෙන්නේ.
පවතින ආර්ථික අර්බුදය යොදාගනිමින් දියත්වන අධිරාජ්‍යවාදී මෙහෙයුම්වල ගොදුරක් බවට පත්වී රට හයිටියක් බවට පත්කරනවාද, ඓතිහාසික වැරදි නිවැරදි කිරීමට ලැබී ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් අර්බුදය විසඳීම සඳහා සමාජ ගිවිසුමක් ඇති කරගන්නවා ද යන්න එම විකල්ප දෙක බව නිවේදනයේ සඳහන්.
ජනාධිපතිවරයා අවංකව ඉහත කී දෙවන උපායමාර්ගික ප්‍රවේශය තෝරාගන්නා තත්ත්වයක් තුළ දේශපාලන වාදවිවාදවලින් හෝ ඓතිහාසික ගැටුම් යාවත්කාලින කිරීමෙන් තොරව ඊට මඟ පෙන්වීමට ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් වන බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.