28.4 C
Colombo
Friday, April 26, 2024

කැබිනට් පත්‍රිකා අනුමත කරවන ආකාරය ගැන විමල්ගෙන් හෙළිදරව්වක්

- Advertisement -

ඇතැම් කැබිනට් පත්‍රිකා අනුමත වෙන්නේ ප්‍රමාණවත් සාකච්ජාවකින් තොරව බව කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා පවසනවා.

ප්‍රමාණවත් සාකච්ජාවක් සිදු වූයේ නම්, ඇතැම් විට වත්මන් අර්බුදකාරී තත්වයන් මගහැර නිවැරදිව කටයුතු කිරිමට හැකියාවක් තිබූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

දිනෙන් දීන උග්‍ර අතට හැරෙමින් පවතින පොහොර අර්බුදයද එවැනි ගැටළුවක් බව ඔහු පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විමල් විරවංශ මහතා.

“ඕනිම හොඳ දෙයක් කරද්දී සැලසුම් සහගතව කරන්න ඕනි. කාලය, දීපය, දේශය, මව ගැන හොඳට හොයන්න ඕනි. මේ වසංගතයක් තියෙද්දී මේවා කරන්න පුලුවන්ද, ගොවියා මේකට සුදානම් කරන්න පුලුවන්ද බලන්න ඕනි. මේක මහා සාකච්ජාවකින් මහා සැලසුමකින් සිදුවිය යුතු දෙයක්.

මේක ගැන ප්‍රමාණවත් සාකච්ජාවක් ආණ්ඩුව තුල සිද්ධ වුණා නම් සමහර දේවල් මීට වඩා නිවැරදිව කරගන්න පුලුවන්කම තිබ්බා. සමහර අමාත්‍ය මණ්ඩල පත්‍රිකා එදා දිනයේ එනවා, එදාම ප්‍රමාණවත් සාකච්ජාවකින් තොරව සම්මත කර ගන්නවා. මේකට සුදුසු ක්‍රමයක් නෙවෙයි කියලා මං කියලා තියෙනවා.”

මීට පෙර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පවසා සිටියේ ජනපතිවරයා පසුගිය වසර 2ක කාලය තුල ගත් තීරන සම්බන්ධව පුළුල් සාකච්ඡාවක් සිදු නොවූ බවයි.

යම් යම් හේතූන් මත ඔහු තනි තීරන ගත් බවත් ඒ අතරින් ඇතැම් තීරණ ඔහු බලාපොරොත්තු වූ පරිදි ඉටු නොවූ බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

එමෙන්ම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන අත්දැකීම් අඩුබවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාෙහිදී පවසනු ලැබුවා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...