27.4 C
Colombo
Wednesday, June 7, 2023

විමල්-උදය-වාසු රඟ දක්වන්නේ නාට්‍යයක්..!

- Advertisement -

විමල් විරවංශ , උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සිදු කරන්නේ නාට්‍යය රඟ දැක්විමක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.

ඒ, අද (05) දින ගිනිගත්හේන ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින්.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු තිස්ස අත්තනායක මහතා,

“සමගි ජන බලවේග ආණ්ඩුවක් තිබුණා නම් ඉන්ධන ගැටළුවක් ඇති වෙන්නේ නැ. මේ සදහා තිබෙන එකම විකල්පය තමයි ආණ්ඩුව වෙනස් කිරිම.ඉන්ධන , විදුලිය , ගැස් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ රටට ලබාදෙන්න බැරි නම් ආණ්ඩුවක් මොකටද?

ඩොලර් නැති විම ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයිනේ, ඩොලර් හොයාගෙන සේවා සපයන්න පුළුවන් කියලා ආණ්ඩුව බලයට පත් වුණේ.ඒ නිසා ආණ්ඩුව දැන් කල යුත්තේ ගෙදර යන එක , බලහත්කාරයෙන් ආණ්ඩුවේ සිටිමත් සමග ජනතාව තවත් පිඩාවට පත් වෙනවා.මේක ආණ්ඩුවේ කඩා වැටිමක් , කෝ වියත්මග පාලනය? ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවම අසාර්ථකයි.

විමල් විරවංශ , උදය ගම්මන්පිල , වාසුදේව නානායක්කාරගේ මාධ්‍ය සාකච්ඡාව දෙස බලන විට අපිට තේරෙන්නේ මේක නාට්‍යයක් කියලා.මේ අය හදන්නේ ආණ්ඩුවට ජනතාව එරෙහි වන විට ජනතාව සමග ඒ මතයට පෙනි සිටින විදිහට හිදිමින් ජනතාව රඳවා ගැනිමේ නාට්‍යයක්. ඒ අය ආණ්ඩුවේම හිදිමින් ප්‍රශ්න ආණ්ඩුව ඇතුලේ කතා කරන්නේ නැතුව එලියේ කතා කරමින් රගපැමක් කලේ.

උසාවි ගියා යුගදනව් බලාගාරය සම්බන්ධයෙන්, ඇයි ඕක ඇතුලේ කතා කරේ නැත්තේ?තෙල් ගෙන්න සල්ලි නෑ කියලා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කියන්න ඕනි නෑනේ. විදුලි ඇමති සහ බලශක්ති ඇමති කරන්න ඕනි ජනතාව ඉදිරියට ඇවිල්ලා අඩන එක නෙවෙයි ඔහුන්ට පැවරුණු කාර්ය හරි අයුරින් ඉටු කරන එක.මේ රගපැම කරන්නේ ඒ අයගේ ජන්දය කැඩි යයි කියන බයට කියලා අපිට තේරෙනවා.

සමගි ජන බලයට හැදුණු ජන මතය කැඩෙන්නේ නෑ වර්ධනය වෙනවා , විකල්ප ආණ්ඩුවක් සහ නායකයෙක් ගැන ජනතාව හිතනවා.අපි බිම් මට්ටමේ සිට සංවිධානය වන පක්ෂයක්, මීලඟ විකල්ප ආණ්ඩුව සමගි ජනබලවේගය කියලා ජනතාව තිරණය කරලා ඉවරයි.”

RECENT ARTICLES - SINHALA

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...