33 C
Colombo
Tuesday, April 16, 2024

විමල්-වාසුටත් ගෝඨාභය ඕනෙ ලු?

- Advertisement -

වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට සහය නොදීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි විශ්වාසභංගය ඉදිරියට ගෙන නොයන ලෙස ඔවුන් සමගි ජන බලවේගයට උපදෙස් දුන් බවයි වාසුදේව නානායක්කාර පවසන්නේ.

ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම මේ අවස්ථාවේ යෝග්‍ය නොවන බව ඔවුන්ට හැඟෙන බවත් ඒ වෙනුවට ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම සඳහා 21 වැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බල කරන බවත් ඔහු අවධාරණය කරනවා.

දැනටමත් ජනාධිපතිවරයා සහ විපක්ෂය සමඟ සාකච්ඡා කර යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බව වාසුදේව නානායක්කාර පෙන්වා දෙනවා.

ජාතික විධායක සභාවක් පිහිටුවීම, ණය සහන කාලයක් සංශෝධනයක් ඉල්ලා සිටීම, වරප්‍රසාද නොලබන කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම සහ 21 වැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම එම යෝජනාවලට ඇතුළත් බවයි ඔහු පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (16) දිනයේ ශ්‍රී ලංකා රුපියල, සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව, අද දිනයේ...

විදෙස් ආයෝජකයන්ගෙන් ලංකාවට කොළ එළියක්

ආයෝජන තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයට දායක වීමට විදෙස් ආයෝජකයින් එකඟතාව පළකර තිබෙනවා. ජාත්‍යන්තර අවබෝධය සදහා වූ ව්‍යාපාරික කවුන්සිලය සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ...

අවුරුදු සමයේ අධිවේගයෙන් නොසිතූ ආදායමක්

පසුගිය වසරට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 75කින් පමණ වර්ධනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එහි නියෝජ්‍ය...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...