28.4 C
Colombo
Friday, April 26, 2024

විමල්ගෙ, වාසුගෙ පුද්ගලික මතය වැඩක් නෑ – සාගර

- Advertisement -

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් ඇමරිකානු සමාගමකට පවරාදීමේ ගිවිසුම සම්බන්ධයෙන් විමල් වීරවංශ, වාසුදේව නානයක්කාර වැනි පුද්ගලයින් දරන පුද්ගලික අදහස් අදාල නොවන බවත් එවැනි තීරණයක් ගැනීමේදී සලකා බලන්නේ එය රටට හිතකරද යන්න පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

ඒ, ඊයේ (27) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එමෙන්ම, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන්ට සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ සම්බන්ධයෙන් පැවති ප්‍රශ්නවලට තෘප්තිමත් පිළිතුරු සැපයූ බවත් ඒ කිසිවෙකු ඉන් අනතුරුව දිගින් දිගටම ප්‍රශ්න කිරීමක් සිදු නොකළ බවත් සාගර කාරියවසම් මහතා පෙන්වා දෙනවා.

එමෙන්ම ගිවිසුම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා අවශ්‍ය කරුණු පැහැදිලි කළ බැවින් ගිවිසුම සම්බන්ධයෙන් දැනුමක් නොමැති බවට කිසිඳු පක්ෂ නායකයෙකුට පැවසීමට නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා අවධාරණය කර සිටිනවා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...