ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගෙන ඇති බව මිලින්ද රාජපක්ෂ මහතා පවසනවා.
සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මිලින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගෙන ඇති අතර නාමල් රාජපක්ෂ මහතා දේශපාලනයෙන් ජයගෙන ඇති බවයි.
ඔහු පළ කර ඇති ෆේස්බුක් සටහන පහතින්,
“අනුර කුමාර දිසානායක චන්දය දිනුම්. නාමල් රාජපක්ෂ දේශපාලනය දිනුම්. ජනමතයට ගරු කරමු. මැතිවරණය නිදහස් සහ සාධාරණව පැවැත්වුණි. පොදුජන පෙරමුණ සමග අපේ මතවාදය ඉදිරියට ගෙනයන්නට කැපවෙමි. හැමෝටම සුභ පැතුම්.”
මිලින්ද රාජපක්ෂ මේ වන විට පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ලෙස කටයුතු කරන අතර 2021 වසරේදී රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ධූරයට පත් කරනු ලැබුවා.