25 C
Colombo
Saturday, December 9, 2023

පවතින ආර්ථිකයත් එක්ක ළමා අපයෝජන සිද්ධීන් වැඩි වීමේ අවදානමක් තිබෙනවා – UNICEF

- Advertisement -

ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබුණද, පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ළමා අපයෝජන සිද්ධීන් වැඩි වීමේ අවදානමක් පවතින බව UNICEF ශ්‍රී ලංකා සංවිධානය පවසනවා.

එමෙන්ම, වසර ගණනාවක් පැවති යුද ගැටුම්, සුනාමි උවදුර, COVID-19 වසංගතය සහ වර්තමාන ආර්ථික අර්බුදය ඇතුළු දුෂ්කරතාවයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීම සඳහා රටක් ලෙස මුහුණ දුන් ජාතික ගැටළු කිහිපයකින් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගෙන ඇති බව UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සඳහන් කළා.

ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුති සංවත්සර දිනය යෙදුනු  ඊයේ දිනයේදී ( නොවැම්බර් 20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

දරුවන්ට සහ තරුණයින්ට සවන් දීමට සහ ඔවුන්ගේ හඬ අවදිකරමින් ඔවුන්ගේ ක්‍රියාවන්ට සහය ලබා දීම සඳහා UNICEF සංවිධානය විසින් ක්‍රියාත්මක කර ඇති තරුණ උපදේශකයින් පත් කිරීමේ වැඩසටහන යටතේ මෙරට තරුණ උපදේශකයින් ලෙස ජතුජාන් මහේන්ද්‍රන්, තරුෂි වීරසිංහ සහ මෙනුරි සචින්තිකා කොඩිකාර යන තරුණ නායකයින් UNICEF ශ්‍රී ලංකා සංවිධානය සමග නිල වශයෙන් එක්වීමද මෙහිදී සිදු වුණා.

ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කර ගනු ලැබූ සාර්ථකත්වයන් අතර ගෝලීය වශයෙන් ප්‍රතිශක්තිකරණය පවත්වා ගැනීම, ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ගෝලීය ප්‍රවේශය 99% ක් ළඟා කර ගැනීම, දරු උපත් 1000 කට 11 බැගින් වූ අනුපාතිකයක් යටතේ එම දරුවන්ගෙන් 5 වැනි උපන්දිනයට පෙර මිය යන දරුවන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සහ එම අගය නඩත්තු කිරීම සහ ආරක්ෂිත පානීය ජලය සඳහා 88.5% කට වඩා තිරසර ප්‍රවේශයක් ලබා දීම වැනි සාධනීය කරුණු ප්‍රධාන වන බව ස්කූග් මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා අයවැයෙන් වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය ජාත්‍යන්තර මිණුම් දඬු වලට වඩා බෙහෙවින් පහත අගයක පවතින බවත්, එම මුදල් ප්‍රමාණය මෙම ප්‍රගතිය පවත්වා ගැනීමට සහ කාර්යයන් වේගවත් කිරීමට පැහැදිලිවම ප්‍රමාණවත් නොවන බවද හෙතෙම අවධාරණය කළා.

දරුවන්ගේ පවුල්වල පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ බලපෑමට ලක් වූ දරුවන් සඳහා සේවා සපයන සියලුම විධිමත් ව්‍යුහයන් ප්‍රතිසංස්කරණය කිරීම දිරිමත් කළ යුතු බවත්, සියලුම තත්ත්වයන් තුළ ශාරීරිකව දඬුවම් කිරීම තහනම් කිරීමට සහ අපරාධ වලට එරෙහිව කඩිනම් පියවර අනුගමනය කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළා.

1989 වසරේ නොවැම්බර් මස 20 වන දින, ලෝක නායකයින් එක්ව ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (Convention on the Rights of the Child – CRC) ආරම්භ කර තිබෙනවා.

මෙම සම්මුතිය ඉතිහාසයේ වඩාත්ම පුළුල් ලෙස සම්මත වූ මානව හිමිකම් ප්‍රධාන කර ගත් එකඟතාවය වූ අතර එය ලොව පුරා ළමා අයිතිවාසිකම් විශාල පරිවර්තනයකට ලක් කිරීමට ද ඉවහල් වූ බව UNICEF ශ්‍රී ලංකා සංවිධානය පවසනවා.

1990 වසරේදී මෙම සම්මුතිය අත්සන් කරනු ලැබූ පළමු රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වෙනවා.

1991 වසරේදී මෙම සම්මුතිය ක්‍රියාවට නැංවීමට සහ ඒ පිළිබඳව වගවීමට කැප වෙමින් එය අනුමත කර තිබෙනවා.

එතැන් සිට, ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති නමුත්, ඒ පිළිබඳව තවත් කාර්යයන් කිරීමට ඉතිරිව ඇති බව ස්කූග් මහතා මෙහිදී මාධ්‍ය වෙත අවධාරණය කර සිටියා.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...