25 C
Colombo
Wednesday, March 19, 2025

පාස්කු දින ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාවක් වසර 5කට පසු මිය ගිහින්

- Advertisement -

2019 වසරේ පාස්කු ඉරු දින එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා වසර 5කට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ,  තිළිණා හර්ෂනී නමැති කාන්තාවක්.

මෙම ප්‍රහාරයෙන් ඇයගේ සුසුම්නාවට බරපතළ හානි සිදුව තිබුණා.

කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ඇයගේ පුතු වන  දුලෝද් ඇන්තනීද මිය ගොස් තිබෙනවා.

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවේදී වැඩිම ජීවිත හානියක් සිදු වූයේ  කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරට එල්ල වූ ප්‍රහාරයෙන්.

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා ස්ථාන 8කට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 273 දෙනෙකු මිය ගොස් ඇති අතර පුද්ගලයින් 500කට අධික ප්‍රමාණයක් ඉන් තුවාල ලැබුවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට 

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව‍යි වාර්තා වෙන්නේ. අධිකරණයෙන් සැඟවී දින...

රුපියල් මිලියන 3.8කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

පිටකොටුවේ වෙළෙඳසැලක තිබූ රුපියල් මිලියන 3.8 කට අධික වටිනාකමින් යුත් සහල් තොගයක් රාජසන්තක කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, වෙළෙදසැලේ සඟවා තබාගෙන සිටි...

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

POPULAR ARTICLES