30.5 C
Colombo
Wednesday, April 24, 2024

ගමන් මල්ලෙන් හමුවූ කාන්තා මළ සිරුර: ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

- Advertisement -

සපුගස්කන්ද ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුරට අදාල ප්‍රධාන ඝාතන සැකකරු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කොට තිබෙනවා.

ඒ, සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි

ප්‍රදේශයෙන් පලා ගොස් සිටි ඔහු ඊයේ අත්අඩංගුවට ගැනුනේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක සැගව සිටියදීයි.

සපුගස්කන්ද මාබිම තෙල් පිරිපහදු සංකීර්ණය ආසන්නයේ මාර්ගය අසල කසල ගොඩක තිබියදී කාන්තා මළ සිරුරක් හමුවූයේ ඉකුත් 04 වනදායි.

ඝාතනයට ලක්වූ කාන්තාව මොහොමඩ් සාෆි ෆාතිමා මුන්තාස් නමැත්තියක් බවට පසුව හදුනා ගැණුනා.

කොළඹ 10, රම්සා පෙදෙස ,මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මියගිය කාන්තාව පසුගිය 28 වැනිදා සිය යෙහෙළියක සමඟ මාලිගාවත්ත ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයක නැගී පිටත්ව ගොස් තිබුණද ඉන්පසුව ඇය සම්බන්ධයෙන් කිසිඳු තොරතුරුක් නොමැති වීම නිසා ඇගේ සැමියා පසුගිය පළමු වැනිදා ඒ පිළිබඳ බ්ලූමැන්ඩල් පොලීසියට පැමිණිලි කර තිබුණා.

එමෙන්ම ඇය දැඩි ලෙස සූදුවට යොමුවූ තැනැත්තියක් බවත් අතුරුදන් වූ දිනයේත් සූදුවෙහි නිරත පුද්ගලයින් සමඟ සිට ඇති බව වාර්තා වී ඇතැයි ද පොලීසිය සඳහන් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, අත් පා ගැටගසා ගමන් මල්ලක බහා තිබියදී හමුවූ එම කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාලව පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අඹු-සැමි යුවළක් බවත් සිරුර ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් වාහනය ද සොයාගෙන ඇති බවත් පොලිසිය පවසා සිටියා.

එම අඹු – සැමි යුවළකගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ සිය සොහොයුරෙකුද සමග එක්ව සමිට්පුර ප්‍රදේශයේ දී ෆාතිමා ඝාතනයට ලක් කළ බවයි.


RECENT ARTICLES - SINHALA

විල්ගමුව වෙළඳසැලක් ඉදිරිපිට තිබී ගිනි අවියක් හමු වෙයි

විල්ගමුව, නුගගොල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට ගිනි අවියක් තිබී සොයාගෙන තිබෙනවා. විල්ගමුව, නුගගොල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක් හිමි කාන්තාවක් අද (24) උදෑසන සිය වෙළෙඳසැල විවෘතකළ පසු එය ඉදිරිපිට...

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මීට සුළු වේලාවකට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ සහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. අද...

Breaking: දමිතාට හා සැමියාට ඇප

කොරියාවේ විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රංගන ශිලිපිනී දමිතා අබේරත්නට සහ ඇගේ සැමියා ඇප මත මුදාහැර...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...