26.4 C
Colombo
Thursday, March 28, 2024

කාන්තාවන්මයි කාන්තාවන්ව පහතට ඇදලා දාන්නේ – උමාරියා

- Advertisement -
  • ගිය අවුරුද්දෙත් ගීත ගායනා කරන පොඩි ගෑනු ළමයෙක්ට සමාජජාලාවල වද දුන්නා
  • හිත රිදුණ නිසා මම මනුස්සයෙක් නිසා මට ඇඬුණා
  • මේ සමාජය කාන්තාවට වටිනාකමක් දෙන්න අකමැති සමාජයක්
  • කාන්තාවන්මයි කාන්තාවන්ව පහතට ඇදලා දාන්නේ

පසුගිය දිනක යූටියුබ් නාලිකාවක සකච්ඡාවකට සහභාගී වෙමින් තමා සංවේදී වූයේ ප්‍රසිද්ධ වීමට නොවන බව ජනප්‍රිය තරුණ ගායන ශිලිපිණි උමාරියා සිංහවංශ පවසනවා.

සරසවිය‘ සමඟ අදහස් දක්වමින් ඇය පවසන්නේ සමාජජාලාවල කතාබහ වන අසභ්‍ය වීඩියෝපටය හේතුවෙන් තමන් ලක්වූ මානසික පීඩාව සහ අපහසුතාවය සම්බන්ධයෙන් අදහස් දක්වද්දී තමන් එසේ සංවේදී වූ බවයි.

“මේ සමාජය කාන්තාවට වටිනාකමක් දෙන්න අකමැති සමාජයක්. මට වුණු සිදුවීමත් එක්ක නැවත මේ ගැන කතාබහක් ඇති වෙලා හෝ සමාජය මේ ගැන කතා කරනවා නම් මම කැමතියි.” යැයි ඇය පවසයි.

“මම සාමාන්‍යයෙන් negative comments දාන පුද්ගලයන්ට අවධානයක් දෙන්නේ නෑ. මට social media team එකක් ඉන්නවා. එයාලා හෝ මම ඒ negative comments දාන අයව ban කරනවා.

සමාජයේ හැසිරෙන්න ඕනෙ කොහොමද කියලා ලංකාවේ පාසල් අධ්‍යාපනයට වෙනම විෂයක් දාන්න වෙන තරමට මේ සමාජය පිරිහිලා තියෙන්නේ. අනිත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොවෙන්න ජීවත් වෙන හැටි හැමෝම ඉගෙන ගන්න ඕනෙ” යැයි ඇය තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල පලවන අදහස් පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර සිටිනවා.

“ගිය අවුරුද්දෙත් ගීත ගායනා කරන පොඩි ගෑනු ළමයෙක්ට සමාජජාලාවල වද දුන්නා. ඒත් කවුරුවත් ඒකට කතා කළේ නෑ. මේ සමාජයේ කාන්තාවන්මයි කාන්තාවන්ව පහතට ඇදලා දාන්නේ. මෙහෙම දෙයක් උනාම නිහඬව ඉන්න ඕනෙද?

යූටියුබ් වැඩසටහනේදී මම සංවේදී උනේ ලාභ ප්‍රයෝජනයක් ගන්න බලාගෙන නෙවෙයි. මගෙ හිත රිදුණ නිසා මම මනුස්සයෙක් නිසා මට ඇඬුණා. මම එතනට ගියේ මේ ගැන පුළුල් ලෙස කතා කරන්න. මම භෞතික දේවල් පස්සෙ දුවන්නෙ නෑ කියලා මම හැමදාම කියනවා. ඒ ප්‍රසිද්ධිය මට වැඩක් නෑ. සමාජජාලා වල මේ ඍණාත්මක හැසිරීම සම්බන්ධයෙන් නීති හැදෙයි කියලා බලාපොරොත්තු වෙනවා.” යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසයි.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...