26 C
Colombo
Thursday, April 18, 2024

තෙල් පිරිපහදුව විකුණන්න රාජපක්ෂ පවුලට ඉඩ දෙන්නේ නෑ – සජිත්

- Advertisement -

රට තුල දැවැන්ත අර්බුධයක් පවතින සමයක එම අර්බුදයට මුවා වී රටේ වටිනා සම්පතක් වන තෙල් පිරිපහදුව විදෙස් රටවලට විකිණිමට රාජපක්ෂ පවුල ප්‍රමුඛ රජය ගන්නා වූ උත්සාහය තරයේ හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ, වෘත්තීය සමිති නියෝජිත පිරිසක් සමඟ කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති හමුවක් අමතමින්.

එයට  සම්බන්ධ සියලුම අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් සමගි ජන බලවේග රජයක් යටතේ නීතිය හමුවට ගෙන විත් දඩුවම් ලබා දෙන බවයි විපක්ෂ නායකවරයා  පවසන්නේ.

තෙල් පිරිපහදුව අංග සම්පූර්ණව ක්‍රියාත්මක කිරීම තුළ 100%ක් භූමිතෙල් අවශ්‍යතාව ද 50%ක් ගුවන් යානා තෙල්,100% නැක්ටා අවශතාවද, ඩීසල් 30%ක්, පෙට්‍රල් 14%ක්, ගෑස් 8%ක්, දැවිතෙල් 75-100% අතර ලබා දිය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

අදූරදර්ශී අකාර්යක්ෂම රාජ්‍ය පාලනය මේ ජාතික සම්පත කුණු කොල්ලයට වෙන්දේසි කරන්න හදන බවත් පැවසූ විපක්ෂනායකවරයා රාජ්‍ය සතුව තිබෙන වටිනා ආයතන කුණු කොල්ලයට විකුනන්නෙ නම් ඒ සඳහා පක්ෂ පාට භේදයකින් තොරව එකාවන්ව එකතු විය යුතු බවත් සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

හිරුණිකාට අභියාචනාධිකරණයෙන් නොතීසි

අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබෙනවා. මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස එම...

ගෝඨාභයගේ පොරොන්දුවලට මම එක පාරක් රැවටුණා – කාදිනල් හිමි

එක් වතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් පොරොන්දුවක් හේතුවෙන් තමා රැවටීමට ලක් වූ බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අගරදගුරු...

අරණායක – මාවනැල්ල ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

අරණායක - මාවනැල්ල ප්‍රධාන මාර්ගය කප්පාගොඩ ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. අධික වර්ෂාවත් සමඟ ගසක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි වාර්තා...

POPULAR ARTICLES

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...