31 C
Colombo
Wednesday, February 12, 2025

ආරක්ෂකයා මරා සේප්පුව කැඩූ සේවකයා අත්අඩංගුවට

- Advertisement -

මුන්දලම, බත්තුළුඔය ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදන ආයතනයක් තුළ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ,  විජයකටුපොත, හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු එම පොල්තෙල් නිෂ්පාදන ආයතනයේ ආයතනයේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ පුද්ගලයෙකු බව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (11) අලුයම් කාලයේදී  මුන්දලම පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.

එහිදී අනාවරණය වී ඇත්තේ,  මරණකරු පසුගිය 10 වන දින රාත්‍රී රාජකාරි නිරතව සිට ඇති බවත් පසුදින උදෑසන ආයතනයේ සේවකයින් පැමිණීමේදී මොහු හිසෙහි තුවාල සහිතව මියගොස් සිට ඇති බවයි.

එමෙන්ම එම ආයතනයේ සේප්පුවක තිබු රුපියල් ලක්ෂ 14 කට ආසන්න මුදලක් කොල්ලකා ඇති බවත්, ආයතනයේ හිමිකරු විසින් මුන්දලම පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව, මුන්දලම පොලිස් ස්ථානයේ හා පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශයෙන් අනතුරුව මෙම අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු ඊයේ සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, බත්තුළුඔය ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවෙදී අදාළ සැකකරු සන්තකයේ තිබී සේප්පුව කඩා කොල්ලකන ලදැයි සැකකරන රුපියල් 141,000ක මුදලක් ද පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචි එම ආයතනයේම සේවකයෙකු බව පොලීසිය පවසනවා.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
 

RECENT ARTICLES - SINHALA

විදුලි කප්පාදුව ගැන තීරණය හෙට

විදුලි කප්පාදුව හෙට (13) දිනය තුළ සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට...

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

POPULAR ARTICLES

විදුලි කප්පාදුව ගැන තීරණය හෙට

විදුලි කප්පාදුව හෙට (13) දිනය තුළ සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට...

 අසලංකගෙන් ශතකයක්

සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වන ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක අද  (12) සමත් වුණා. ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස...

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...