24 C
Colombo
Sunday, December 10, 2023

චීනයේ සිනොවැක් එන්නත හදිසි භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

- Advertisement -

කොවිඩ්-19 වෛරසයට එරෙහිව චීනය නිපදවූ දෙවන එන්නත වන සිනොවැක් (Sinovac) සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර බෙදාහැරීමට මග සලසමින් හදිසි භාවිතා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව සිනොවැක් එන්නත ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ නිෂ්පාදනය සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් පිළිගනු ලැබීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් එන්නත නිල වශයෙන් පිළිගනිමින් ගබඩා කිරීමේ පහසුව සලකා බැලීමේ දී අඩු ආදායම්ලාභී රටවලට වඩාත් සුදුසු බව සඳහන් කළේය.

ජීවිතාරක්ෂාව වෙනුවෙන් එන්නත අවශ්‍ය පුද්ගලයින් වෙත ඉතා ඉක්මණින් ලබා දීමට කටයුතු කළ යුතු බව ටෙඩ්‍රොස් අද්නාම් වැඩිදුරටත් පවසා ඇත.

ඒ අනුව ස්වාධීන විශේෂඥයින්ගෙන් සමන්විත මණ්ඩලයක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් සඳහා සිනොවැක් එන්නත නිර්දේශ කළ බවයි.

එහි දෙවන මාත්‍රාව සති හතරකට පසුව ලබා ගැනීමට ද ඔවුන් විසින් නිර්දේශ ලබා දී තිබේ.

මැයි 7 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ නිපදවනු ලැබූ පළමු එන්නත වන සයිනොෆාම් සඳහා හදිසි අනුමැතිය ලබා දීම සිදු කරන ලදී.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...