24 C
Colombo
Thursday, March 30, 2023

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා දෙන කොවිඩ් එන්නත් තොගය මාර්තු 07 දිවයිනට

- Advertisement -

කොවිඩ් මර්දනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදෙන 20%ක කොවැක්ස් පහසුකම යටතේ ලබාදීමට නියමිත එන්නත් තොගයෙහි පලමු කොටස වූ 264,000ක එන්නත් ප්‍රමාණයක් මාර්තු මස 07 වෙනි දින ලංකාවට ලැබීමට නියමිත බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා ,වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කර සිටිනවා.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ හලාවත මහ රෝහලෙහි පැවැති උත්සවයකදීයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කළේ ලංකාව ඇතුලුව ගෝලීය වශයෙන් කොවිඩ් පැතිරයාමේ යම් අඩුවීමක් පවතින බවත් ලෝකයේ එන්නත්කරණය ආරම්භ කල පලමු රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව තිබීම සතුටට කරුණක් බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මේවන විට ලෝකය පුරා කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 280ක ප්‍රමාණයක් ලබාදී ඇති අතර ඉන් 75%ක පමණ ප්‍රමාණයක් ලබාදී ඇත්තේ රටවල් 10කට පමණක් බවත් තවත් රටවල් 150ක පමණ ප්‍රමාණයක් කිසිදු එන්නතක් ලබාදීමට නොහැකිව සිටින බව අමාත්‍යවරිය මෙහිදී සිහිපත් කර සිටියා.

ලංකාවේ එන්නත්කරණය ආරම්භ කිරීම සදහා ජනාධිපතිතුමාගේ නායකත්වය කැපවීම මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතු අතර එතුමාගේ සුවිශේෂී මැදිහත්වීම මත ජනවාරි මාසයේදී එන්නත්කරණය ආරම්භ කිරීමට හැකිවූ බව අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළා.

හලාවත මහ රෝහලේ හෘද රෝග ඒකකයට ICU ඇදන් 16ක් පරිත්‍යාග කිරීම, මල්ටි පැනොමීටර් මොනිටර්ස් පරිත්‍යාග කිරීම, කොවිඩ් 19ට ප්‍රතිචාර දැක්වීම සදහා ඉදිකල වෛද්‍ය රසායනාගාරය විවෘත කිරීම, ප්‍රසව හා නාරිවේද සායන ඒකකය විවෘත කිරීම ආදී වැඩසටහන් රැසකට සහභාගීවෙමින් අනතුරුව පැවැති උත්සවයකදී අමාත්‍යවරිය මේ බව සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...