ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පිලිගැනීම සදහා හදිසි නොවන්නැයි කටාර් රාජ්‍යයේ නියෝජ්‍ය විදේශ ඇමතිනි ලොල්වාහ් රෂීඩ් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කර තිබේ.
ජනමාධ්‍ය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇය සදහන් කර ඇත්තේ, තලේබාන් පාලනය තුළ ගැටලු ගණනාවක් මතුව ඇති බවයි.
විශේෂයෙන් පැරණි සහ නව පරම්පරාවල සාමාජිකයන් අතර අර්බුද පවතින බව ද ඇය මෙහිදී පෙන්වා දී තිබේ.
කාන්තාවන්ගේ අයිතිවාසිකම් ලබාදීම සම්බන්ධයෙන් තලේබාන් පාලනයේ හැසිරීම සම්බන්ධයෙන් ඇය මෙහිදී සිය කණගාටුව පළකර ඇත.
කෙසේවෙතත්, ලෝකයේ රටවල් තලේබාන් සංවිධානය සමග අඛණ්ඩව සබදතා පවත්වාගෙන යාමේ වැදගත්කමද කටාර් නියෝජ්‍ය විදේශ ඇමතිනි ලොල්වාහ් රෂීඩ් අවධාරණය කර තිබේ.
කටාරය සහ තලේබාන් සංවිධානය අතර සමීප සබදතා පවතින අතර සාම ක්‍රියාවලියේදී අතරමැදියෙකු ලෙස ක්‍රියා කළ කටාරය තලේබාන් කාර්යාලය පවත්වාගෙන යාමට ද ඉඩ ලබාදී ඇත.