24 C
Colombo
Sunday, January 19, 2025

ලොව විශාලතම පොම්ප කරන ලද ජල විදුලි බලාගාරයේ කටයුතු ඇරඹේ

- Advertisement -

ලොව විශාලතම පොම්ප කරන ලද ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන් ආරම්භ කළ බව චීන ජල විදුලි සංවර්ධන සමාගම අද (31) නිවේදනය කළා.

වර්තමානයේ ලෝකයේ විශාලතම පොම්ප කරන ලද බලශක්ති සංචිත ජල විදුලි බලාගාරය වන චීනයේ Hebei Fengning බලාගාරයේ අවසන් විචල්‍ය වේග මාපක යන්ත්‍රය නිල වශයෙන් වාණිජ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමත් සමග එම විදුලි බලාගාරය විදුලි බල උත්පාදන කටයුතු සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර තිබෙනවා.

Fengning විදුලි බලාගාරය චීනයේ Hebei පළාතේ Chengde නගරයේ Fengning Man ජාතික ස්වායත්තයේ පිහිටා තිබෙන බවයි පැවසෙන්නේ.

එම විදුලි බලාගාරය චීනයේ බෙයිජිං නගරය, ටියැන්ජිං නගරය හා Hebei පළාත යන ප්‍රදේශවල විදුලි බල සැපයුම් මධ්‍යස්ථානය මෙන්ම උතුරු Hebei පළාතේ කිලෝවොට් මිලියන 10ක මට්ටමේ නව බලශක්ති මධ්‍යස්ථානයට ද ආසන්නව පිහිටා තිබෙනවා.

එම විදුලි බලාගාරයේ ස්ථාපිත ධාරිතාවය කිලෝවොට් මිලියන 3.6ක් වන අතර සැලසුම් කරන ලද වාර්ෂික විදුලි බල උත්පාදනය කිලෝවොට් පැය බිලියන 6.612ක්.

එමෙන්ම වාර්ෂිකව පොම්ප කරන ලද බලශක්ති උත්පාදනය කිලෝවොට් පැය බිලියන 8.716කි.

Fengning විදුලි බලාගාරය ජල විදුලි උත්පාදන කටයුතු සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමෙන් පසු වසරකට සම්මත ගල් අඟුරු ටොන් ලක්ෂ 4.808 ක් ඉතිරි කර ගත හැකි අතර ඉන් සෑම වසරකම කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ටොන් මිලියන 1.2 කින් අඩු කළ හැකි බව ද වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

POPULAR ARTICLES