30 C
Colombo
Tuesday, April 29, 2025

ෂී ජින් පින් වියට්නාමය ට

- Advertisement -

අග්නිදිග ආසියානු ආර්ථිකයන් සමග සබඳතා ශත්කිමත් කර ගැනීමේ අරමුණින් චීන ජනාධිපති ෂී ජින් පින් වියට්නාමයේ සංචාරයක නිරතව තිබෙනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු හේතුවෙන් කැළඹී ඇති අපනයන මත යැපෙන අග්නිදිග ආසියානු ආර්ථිකයන් සමග සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා චීන ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ සඳහා චීන ජනාධිපතිවරයා විසින් වියට්නාමය, මැලේසියාව සහ කාම්බෝජය යන රටවල සංචාරයක නිරත වන බවයි.

වෙළෙඳ යුද්ධය සහ තීරුබදු යුද්ධය ජයග්‍රාහකයෙකු බිහි නොකරන බව වියට්නාම සංචාරයේදී එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් චීන ජානාධිපතිවරයා පවසා තිබුණා.

එමෙන්ම ඔහුගේ මෙම සංචාරය තුළදී වියට්නාමය සහ චීනය අතර විවිධ අංශවලට අදාළ ගිවිසුම් 40ක් පමණ අත්සන් කරනු ඇති බව වියට්නාම නියෝජ්‍ය අගමැති බුයි තන් සොන් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදය වියට්නාමයේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළ වන අතර එය වියට්නාමයේ දළ දේශීය නිශ්පාදිතයෙන් 30%ක් පමණ වේ.

එමෙන්ම චීනය වියට්නාමයේ ඉහළම ආනයන ප්‍රභවයද වනවා. 

චීන ජනාධිපතිවරයාගේ අද(14) ඇරඹුණු මෙම සංචාරයෙන් පසු ඔහු හෙට(15) දිනයේදී මැලේසියාව සහ කාම්බෝජය බලා පිටත් වීමට ද නියමිතයි.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවක සංඛ්‍යාව ඉහළට

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ මුළු සේවකයින් සංඛ්‍යාව 1,150,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ සිදුකළ සංගණනයේ මුලික වාර්තාවට අනුව...

මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයට

මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නියෝගයකට අනුව...

මරණ තර්ජන තියෙනවා නම් රටින් යන්න – මහින්ද

තමන්ට මරණ තර්ජන ඇත්නම් පරිස්සම් වීමට තමන් දැනගත යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඊයේ (29) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ...

POPULAR ARTICLES