මියන්මාරයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 160 කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ‘යාගී’ සුළි කුණාටුවත් සමඟ මියන්මාරයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ජල ගැලීම් සහ නායෑම් වලට හසු වීමෙන් මෙම මරණ සිදුව ඇති බවයි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 230,000ට පමණ උන්හිටි තැන් අහිමි වී තිබෙන බව වාර්තා වනවා.
මියන්මාරයේ විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා එරට රජය විසින් විදේශ අධාර ද ඉල්ලා තිබෙනවා.