30.9 C
Colombo
Thursday, April 25, 2024

ඔව්, අපි ජනාධිපතිට යන්න ගුවන් යානයක් දුන්නා – ගුවන් හමුදාව

- Advertisement -

ජනාධිපතිවරයාට, ඔහුගේ බිරිදට හා ආරක්ෂකයන් දෙදෙනෙකුට කටුනායක සිට මාලදිවයින බලා පිටත්ව යාමට පවතින රජයේ ඉල්ලීමට අනුව ගුවන් හමුදාවේ යානයක් අද (13) අලුයම ලබා දුන් බව ගුවන් හමුදාව නිවේදනය කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයෙකුට හිමි බලතල ප්‍රකාරව පවතින රජයේ ඉල්ලීමට අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව ගුවන්තොටුපොළ ආගමන විගමන, රේගු හා අනෙකුත් සියලුම නීතිවලට යටත්ව ජනාධිපතිවරයා, බිරිඳ සහ ආරක්ෂකයින් දෙදෙනකුට මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් හමුදා යානයක් ලබා දුන් බවයි ගුවන් හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ඒ අනුව ගුවන් හමුදාවේ සහයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස මාලදිවයින බලා ආරක්ෂිතව පියාසර කර තිබෙනවා.

පසුගිය 09 වනදා ඇතිවූ සිදුවීමත් සමඟ අතුරුදන්ව සිටි ගෝඨාභය රාජපක්ෂ නාවුක හමුදාවට අයත් නෞකාවකින් ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ දින කිහිපයක් ගතකර, ත්‍රිකුණාමලය නාවුක හමුදා කදවුරට පැමිණියා.

එම ස්ථානයෙන් කොළඹට පැමිණ අවස්ථා කිහිපයකදීම විදෙස් ගතවීමට උත්සහ කළද එය ව්‍යාර්ථ වී තිබුණා.


RECENT ARTICLES - SINHALA

උසස් පෙළ උපකාරක පන්ති හා සම්මන්ත්‍රණ ගැන දැනුම්දීමක්

අධ්‍යායන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම විභාගය ...

Breaking: සන්නස්ගල අත්අඩංගුවට

හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහතාව කඳාන පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා....

පාසල් දරුවෙකුට පහර දුන් SI ගැන විමර්ශන

පාපැදියකින් ගමන් ගත් 13 හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණිල්ලක් කර...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...