32 C
Colombo
Saturday, April 20, 2024

ඔව් ඇමරිකාවට වික්කා..! එකේ කිසි වැරද්දක් නැහැ – ඇමති ලොකුගේ

- Advertisement -

කෙරවළපිටියේ දැනට ක්‍රියාත්මක වන මෙගවොට් 350 ක යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට්කෝස්ට් සමාගමේ කොටස්වලින් මහාභාණ්ඩාගාරයට අයත් 40% ක් ඇමරිකාවේ නිව් පෝට්ට්‍රෙස් නමැති සමාගමට විකිණීම සම්බන්ධ පුවත සත්‍ය බවත් එලෙස විකිණීමේ කිසිඳු වරදක් නොමැති බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

ඒ, අද (25) දින කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

” අපේ මැතිවරණ ප්‍රකාශය අරන් කියවන්න. අපේ මැතිවරණ ප්‍රකාශයේ ප්‍රධානම එකක් තමයි අපි ජාත්‍යන්තර සමාගම් එක්ක රජය එකතු වෙලා, රජය සහ පුද්ගලික අංශය එකතු වෙලා සංවර්ධන කටයුතු කරනවා. ඒක අපි මහ මැතිවරණයට කලින් කියපු එකක්. දැන් ඔය තෙල් සංස්ථාව පහුගිය කාලෙත් කළේ ඒකයි. 2002ට කලින් ලංකාව 100%ක් අයිති ආයතනයක්. ඒ පනත වෙනස් කරලා තෙල් සංස්ථාව 2ට බෙදුවා. එකක් තෙල් සංස්ථාව. අනික කොළොන්නාව ටර්මිනල් කියලා. හම්බන්තොට වරායෙ නම් අපි තාමත් උත්සහ කරනවා කොටස් ආපහු ගන්න. 80%ක් කොටස් දුන්නා. දීලා දැන් මේ ඇමරිකන් සල්ලි ගන්න එක ගැන කතා කරනවා. අපි දේශීය සම්පත් මොන හේතුව නිසාවත් විකුණන්නෙ නෑ” යැයි ඔහු පවසයි.


RECENT ARTICLES - SINHALA

ලොකු ලූනු සතොස හරහා ගෙන්වන්න තීරණයක්

ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබෙනවා.. ලොකු ලූනු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී...

අයිස් සමඟ කොටු වූ නාවික හමුදා ලොක්කන් රඳවාගෙන ප්‍රශ්න කරයි

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා ඇතුළු සිව්දෙනා ලබන 26 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) අවසර...

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩවලට මිල සූත්‍රයක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ ඉදිකිරීම් භාණ්ඩ නොයෙක් මිල ගණන් යටතේ විකිණීම වැළැක්වීම...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...