27 C
Colombo
Sunday, March 26, 2023

මංගල කලින්ම හඳුනාගත් යොහානිගේ ‘Smart දේශප්‍රේමය’

- Advertisement -

නවක තරුණ ගායන ශිල්පිණියක් වන යොහානි විසින් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ නව වාර්තාවක් සනිටුහන් කරමින් යූටියුබ් රසිකයන් මිලියනයක් රැස් කර ගැනීමට සමත්වූයේ මීට දින කිහිපයකට පෙරයි.

කෙසේ නමුත් කොවිඩ් ආසාදිතව පසුගිය 24 වනදා අප අතරින් සමුගත් ජනප්‍රිය දේශපාලඥයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතා ඇයගේ ඉදිරි ගමන ඊට පෙරම හඳුනාගෙන තිබුණා.

ඇය මෙරටට අභිමානයක් ගෙනෙන නව පරපුරේ Smart දේශප්‍රේමයේ පිළිබිඹුවක් වබට යූ ටියුබ් නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින් මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටියා.

” මේ රටේ ඉන්න තරුණ පරපුර, Millennialsලා කියන, Y පරපුර සහ Z පරපුර ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. පරණ අය ගැන නොතිබුණු බලාපොරොත්තුවක් දර්ශනයක් මේ අය ගැන ඇති වෙමින් තියෙනවා.

මම තෝරගත්තු මේ ගීතයෙනුත් මේ රටේ අනාගතය ගැන විශාල බලාපොරොත්තුවක් ඇති වෙනවා. මේකෙන් සම්ප්‍රදාය සහ නූතනත්වය කියන දේ ලස්සනට එකතු කරලා තියෙනවා. මේ ගායිකාව කවුද කියලත් මම දන්නෙ නෑ. මම දවසක් මේ ගීතය මගේ iPad එකෙන් දැක්කම, මේක තමයි ලංකාවේ අනාගතය විය යුත්තේ කියලා විශාල සතුටක් ඇති උනා.

මේ යොහානි කියන ගෑණු ළමයා. එක පැත්තකින් ඉතාමත් පැරණි සිංහල සිංදුවක් සමඟ බටහිර හිපොප් රැප් සංකල්පත් එකතු කරලා. අනිත් පැත්තෙන්, එක වෙලාවකට සාරියක් අඳිනවා. තවත් වෙලාවකට ඉරිච්ච ඩෙනිමක් අඳිනවා. නමුත් ඒ සියල්ල ඉදිරියේ මේ ගෑණු ළමයා නූතන ශ්‍රී ලාංකිකයෙක්. අන්න ඒකයි මේ රටට අවශ්‍ය. ශ්‍රී ලාංකිකයන් නූතනවාදීන් බවට පත් කරන්න ඕනේ.

මොකද අපි හැමදාමත් ඉතිහාසය විතරක් බදාගෙන, දුටු ගැමුණු ගැන විතරක් කතා කරමින් ආපස්සට යන ජාතියක් වෙනවට වඩා අපේ ප්‍රෞඩ ඉතිහාසයෙන් පන්නරය ලබපු ලෝකය සමඟ සමානව ඉදිරියට යන්න පුළුවන්, සිංහල බස හොඳින් දන්න, ආගම සංස්කෘතිය සමඟ මුසුවූ නූතනත්වයක් අපිට අවශ්‍යයයි.

දැනට දේශප්‍රේමීන් වගේ කෑගහන්නේ ලෝකෙ ගැන නොදන්න, පුංචි ළිඳක ඉන්න ගෙම්බො වගේ පිරිසක්. ලෝකෙම අපිව දාලා යන මොහොතක නූතන දේශප්‍රේමීත්වයක් ඇති කරන්න ඕනෙ. Smart patriots ඇති කරන්න ඕනෙ. ඒ Smart දේශප්‍රේමීත්වය තමයි මම මේ සිංදුව තුලින් දකින්නේ.” යැයි මෙහිදී ඔහු පවසනවා

ජනප්‍රිය නවක ගායන ශිල්පී සතීෂාන් 2020 වසරේ එළිදැක්වූ ගීතයක් වන ‘මැණිකේ මගේ හිතේ’ ගීතයට නව ආරක් එක් කරමින් මීට මාස 2කට පමණ පෙර යොහානි සමඟ එළිදැක්වූ නව වීඩියෝව මෙරට පමණක් නොව ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල් වලද ඉතාමත් ජනාදරයට ලක්විය.

ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී අමිතාබ් භච්චන් ද එම ගීතය පිළිබඳව සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබීමත් සමඟ එම අවධානය තවත් තීව්‍ර වූ අතර ඉන්දීය මාධ්‍ය විසින්ද ඒ සම්බන්ධයෙන් වාර්තා කළා.

දාල සාකච්ඡාව

මංගල අදහස් දක්වන වීඩියෝව


RECENT ARTICLES - SINHALA

පළාත් පාලන ආයතන ගැන සොයා බැලීමට රනිල්ගෙන් කමිටුවක්

0
දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ...

සියතේ ලාල් හේමන්ත මාවලගේට සම්මානයක්

0
මේ වන විට දැඩි කතාබහකට ලක්ව සිටින මාධ්‍යෙව්දියෙකු වන සියත TV නාලිකාවේ ලාල් හේමන්ත මාවලගේ මහතාට අද (25) පැවති රයිගම් ටෙලි සම්මාන...

ප්‍රවෘත්ති අංශයෙන් රයිගම් සම්මාන ජයග්‍රාහකයන් මෙන්න

මේ වන විට පැවැත්වෙන රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨතම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) ලෙස හිරු ටීවී ප්‍රවෘත්ති අංශයේ මධුෂාන් ද සිල්වා මහතා...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...