32 C
Colombo
Tuesday, February 18, 2025

යෝෂිත ළඟ ගිනි අවි හතක් තිබිලා

- Advertisement -

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සන්තකයේ තිබූ ගිනි අවි හතෙන් ගිනි අවි පහක් මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශය බාරයට ගෙන ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසනවා.

යෝෂිත රාජපක්‍ෂ මහතා සන්තකයේ දැනට ගිනි අවි දෙකක් තිබෙන බවත් එක් ගිනි අවියක් නැවත භාරදෙන ලෙස දැනුම්දීමක් කළබව ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියා.

ඔහු මේ බව පැවසුවේ අද (29) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

බලපත්‍රලාභි ගිනි අවි 1687ක් තිබෙන බවත් බලපත්‍රලාභි පුද්ගලයින් 1550ක් සිටින බවත් පැවසු සම්පත් තුයියකොන්තා මහතා විගණනයට හා රජයට ගිණිඅවි 1368 භාරදී තිබෙන බව පැවසුවා.

ඉන් ගිණි අවි 182 භාර නොදී තිබෙන බවත් ගිනිඅවි භාරනොදුන් පිරිසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කර සිටියා.

RECENT ARTICLES - SINHALA

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

POPULAR ARTICLES