23 C
Colombo
Friday, February 14, 2025

යෝෂිත රාජපක්ෂ CIDයට

- Advertisement -

අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙනවිත් තිබෙනවා.

ඔහු අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුව අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදීයි.

සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

රත්මලාන, සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂව සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණත් කරුණු ඇති බව පසුගිය 23වනදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබුණා.

මේවන විට නඩු කරයක් පවතින අදාළ සිද්ධියයේ ප්‍රධාන සැකකාරිය වන්නේ යෝෂිත රජපක්ෂගේ මිත්තණියක්වන ඩේසි ෆොරස්ට් නම් කාන්තාවයි. 

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES