යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා වීම නිසා නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(25) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිවිරෝධී ලෙස හෝ සැකසහිත ආකාරයෙන් ඉඩම් හෝ දේපළ මිලදී ගෙන තිබේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට බවත්, එම අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලන දඩයමක් නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
“යමෙකු නීතිවිරෝධී ලෙස හෝ සැකසහිත ආකාරයෙන් ඉඩම් හෝ දේපළ මිලදීගෙන තිබේ නම් සහ එවැනි නඩු සම්බන්ධයෙන් CID පරීක්ෂණ පවත්වන්නේ නම්, නීතිය ක්‍රියාත්මක වෙනවා. යෝෂිත අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා නිසා නෙවෙයි.”
එමෙන්ම, අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඇපලබා දීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළා.
“ඔවුන්ට ඇප ලැබෙනවා. නමුත්, නඩු කටයුතු දිගටම ක්‍රියාත්මක වෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණයේ යුතුකම. රජය කරන්නේ එයට පහසුකම් සැලසීම පමණයි.”