25 C
Colombo
Sunday, March 16, 2025

වසර 15 ක ක්‍රීඩා දිවිය නිමා කරමින් යෝෂිත රග්බි පිටියෙන් සමුගනියි

- Advertisement -

CR&FC ක්‍රීඩා සමාජය සමඟ ලබන මස 2 වනදා CR පිටියේ පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරඟාවලියේ කුසලාන වටයේ තරඟයෙන් පසු රග්බි ක්‍රීඩාවෙන් සමුගන්නා බව ජාතික කණ්ඩායමේ හිටපු නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු සදහන් කරන්නේ තමන් වසර 15 ක් පුරා රග්බි ක්‍රීඩාවේ නිරතවෙමින් ෆ්ලෑන්කර් ස්ථානයේ ක්‍රීඩාකළ බවයි.

35 හැවිරිදි යෝෂිත රාජපක්ෂ මෙවර ලීග් තරඟාවලියේ නාවුක හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා.

“මම රග්බි පිටියෙන් ඉවත් වුණාට පුහුණුකරුවෙක් විදිහට සම්බන්ධ වෙන්නේ නැහැ. හැම ක්‍රීඩකයාටම පුහුණුකරුවෙක් වෙන්න බැහැ. සංවිධාන කටයුතුවලදී හරි වෙනත් අංශවලින් හරි ක්‍රීඩාවට සේවය කරන්න කැමතියි. ඒත් අවස්ථාවක් ලැබුණොත් මඟඅරින්නේ නැහැ. මම රග්බි ක්‍රීඩාවට ආදරෙයි. මට අවශ්‍ය ක්‍රීඩාවෙන් මම ලැබූ දැනුම යොවුන් ක්‍රීඩකයන්ට ලබාදෙන්නයි”

පුහුණුකරුවෙක් වෙන්නෙත් නැහැ, නොවෙන්නෙත් නැහැ ආකාරයේ හතරබිහිරි කතාවක්ද යෝෂිත රාජපක්ෂ මහතා දිනමිණ පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී එලෙස පවසා තිබෙනවා.

“ක්‍රීඩාව දේශපාලනයෙන් තොර විය යුතුයි. ඒකට හොඳම උදාහරණය මම. 2015 වසරෙන් පසුව මාව ජාතික කණ්ඩායමෙන් ඉවත් කළේ දේශපාලන කරුණු නිසයි. දේශපාලනය සම්බන්ධ කර නොගෙනයි ක්‍රීඩා පරිපාලනය සිදුකළ යුත්තේ. ඔවුන් විදෙස් රටවල ලීග් රග්බි ක්‍රීඩාවට යොමු කිරීමට මඟ පෙන්විය යුතුයි. දේශීය රග්බි ක්‍රීඩාව දියුණු කරන්න එවැනි පියවර වැදගත් “


RECENT ARTICLES - SINHALA

බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. පසුගිය සතියේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව...

ඉදිරියේදී තවත් රටවලට නොමිලේ වීසා පහසුකම

තවත් රටවල් කිහිපයක විදෙස් පුරවැසියන්ට ඉදිරියේදී මෙරටට ඇතුළුවීම සඳහා නොමිලේ වීසා පහසුකම් ලබාදෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ද (15) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්...

POPULAR ARTICLES

බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. පසුගිය සතියේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා...

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව...

බටලන්ද අපරාධවලට සම්බන්ධ අය කල් නොමරා අත්අඩංගුවට ගන්න – පුබුදු ජයගොඩ

බටලන්ද වධකාගාරයේ තුළ සිදුවූ අපරාධවලට සම්බන්ධ වූ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසනවා. අද (15) අනුරාධපුර...