27.8 C
Colombo
Thursday, April 25, 2024

අගමැතිගේ ඉතාලි සංචාරයට යෝෂිත පුතාත් ගිහින්

- Advertisement -

G 20 අන්තර් ආගමික සමුළුව සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ධූත පිරිසට අග්‍රාමාත්‍යවරයාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂ මහතාද සහභාගීවී තිබෙනවා.

යෝෂීත රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියාද වනවා.

කෙසේ වෙතත් මෙරටින් පිටත්ව ගිය ධූත පිරිස පිළිබදව පළකළ නිවේදනයේ යෝෂිත රාජපක්ෂ මහතා මෙම සංචාරයට සහභාගී වන බව සදහන්ව තිබුණේ නැහැ.

මෙම සංචාරය සඳහා විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිනවා.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය කළේ තමන්ගේ ඇමරිකානු සංචාරය ඉතාමත් අඩුම පිරිසකගේ සහභාගීත්වයකින් සිදුකරන බවයි.

ඊට සහභාගිවන ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මිය සිය පෞද්ගලික මුදලින් එම සංචාරයට එක්වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබුණා.

කෙසේ වෙතත් පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ජනතාවට දැනුම් දුන්නේ තුන්වේලෙන් දෙවේලක් කා මෙම ආර්ථික අර්බුදයට මුහුණ දීමට සූදානම් වන ලෙසයි.


RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...