29 C
Colombo
Tuesday, October 4, 2022

ඇපල්, දොඩම් කන්නම ඕනේ කියලා එකක් නැහැනෙ – මන්ත්‍රී ජගත් කුමාර (වීඩියෝ)

- Advertisement -

තුන්වේලක් කෑ පුද්ගලයන් හට මෙම අවස්ථාවේදී දෙවේලක් කා ජීවත්වීමට සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.

එලෙස වේලක් කැපකරමින් පවත්නා වසංගත තත්ත්වය මර්දනය කරගතහොත් දූ දරුවන් වෙනුවෙන් ඉදිරිකාලයේදී ඉදිරි පිම්මකට යා හැකි බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවේදී තම පඩිය කැපකර මෙම අර්බුදයට දායක වී ඇති බවයි ජගත් කුමාර මහතා පවසන්නේ.

රටේ කිසිදු භාණ්ඩ හිඟයක් නොමැති බවත් විපක්ෂය යට ඇඳුම් පිළිබදව පමණක් සාකච්ඡා කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

භාණ්ඩ 623 ක් ආනයනය පාලනයවීම තුළින් දේශීයත්වයට යම් සහනයක් ලැබෙන බවත් ඇපල් හෝ දොඩම් අනිවාර්යයෙන් ආහාරයට ගතයුතු යැයි කියා දෙයක් නොමැති බැවින් රටේ ඇති අඹ, දේශීය දොඩම් වැනිදෑ ආහාරයට ගන්නා ලෙසත් ජගත් කුමාර මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ඩීසල් අඩුකරන්න බැරි ඇමති කියන හේතුව මෙන්න

ඩීසල් ලීටරයකින් රුපියලක පමණ ලාභයක් මේ වනවිට රජයට හිමිවන නමුත් ඩීසල් මිල පහත හෙළීමේ හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා...

කාබනික වගාව අත්හරින්නේ නෑ..! – ඇමති අමරවීර

කාබනික වගාව අත්නොහරින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී පැවසීය. එසේම 70ක් රසායනික පොහොර සහ සියයට 30ක් රසායනික පොහොර...

තිරිඟු පිටි මිල වැඩියි; ඒත් පාන් මිලේ වෙනසක් නෑ..! – බේකරි හිමියෝ

තිරිඟු පිටි මිල වැඩිකර තිබුණද, පාන් මිල වැඩිකිරීමට බලාපොරොත්තු නොවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. මේවන විට...

RECENT ARTICLES - ENGLISH

Tom Moody and Sri Lanka Cricket to part ways

0
Former Sri Lankan Head Coach Tom Moody, who joined Sri Lanka Cricket once again last year as the director of cricket for...

Temples to switch off lights on Poya Day to protest tariff hike?

0
A proposal has been presented to the Central Province Maha Sangha Sabha to turn off the lights within all temples across the...

Horrific details about captivity of 7 Sri Lankans by Russian soldiers revealed

0
A Ukrainian journalist and the Kharkiv region’s police have disclosed appalling details about the torture the seven Sri Lankans endured while they...