32 C
Colombo
Monday, January 20, 2025

පෙම්වතිය බලන්න ගිය තරුණයාට මහමඟදී කඩු ප්‍රහාරයක්

- Advertisement -

කිලිනොච්චියේ සිට යාපනය සිටි තම පෙම්වතිය හමුවීමට ගිය තරුණයෙකුට කිසියම් කල්ලියක් කඩු ප්‍රහාරයක් එල්ල කර ඔහු සතු වූ ස්වර්ණාභරණ , මුදල් , ජංගම දුරකථනය හා ත්‍රිරෝද  රථය කොල්ල කා පලා ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව මනිප්පායි පොලිසිය පවසනවා.

පොලීසිය පවසන්නේ තරුණයා කිලිනොච්චිය සිට යාපනයට ගොස් එතැන් සිට උරුම්පිරායි තෙක් ත්‍රිරෝද රථයෙන් ගමන් කර ඇති අතර එම අතරමඟදී ඔහු ගමන් ගත් ත්‍රිරෝද රථය තවත් ත්‍රිරෝද රථයක් මඟින් හරස් කොට කඩුවකින් පහර දී මෙසේ කොල්ල කා පල ගොස් ඇති බවයි.

කඩු පහරින් පසු තමන් සිහිසුන්ව අද වැටුණු බවත් පසුව තමන්ට සිහිය එන විට තමන් කුලී පදනම මත ගෙන තිබු ත්‍රිරෝද රථයද අතුරුදන්ව තිබු බවත් ලක්වූ තරුණයා සදහන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

වහාම ඔහු වෙනත් ත්‍රීරෝද රථයකින් මනිප්පයි පොලිසිය වෙත පැමිණ සිද්ධිය විස්තර කරමින් සිටියදී නැවත සිහිසුන් වී තිබෙන බැවින් ගිලන් රථයක ආධාරයෙන් ඔහුව යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මනිප්පයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

RECENT ARTICLES - SINHALA

හාන්ස් ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයට සමුදෙයි

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩයලොග් ආසියාටා පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වී තිබෙනවා. ඩයලොග් සමාගමේ ලේකම්වරිය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා. 2025 ජනවාරි...

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

POPULAR ARTICLES