රඹුක්කනදී වෙඩි වැදී මියගිය තරුණයා අරගල භූමියේදී සිහිකරයි (ඡායාරූප)

ඉන්ධන ඉල්ලා රඹුක්කන පැවති විරෝධතාවයට පොලීසිය එල්ලකළ අමානුෂික වෙඩි ප්‍රහාරයෙන් අද (19) පස්වරුවේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වුණා. එම තරුණයා සිහිකර අද රාත්‍රියේ කොළඹ ගාලු මුවදොර පැවැත්වෙන අරගල භූමියේ තරුණ තරුණයින් ඉටිපහන් දල්වා නිහඩ විරෝධතාවයක නිරත වුණා. මේ වන විටත් පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වූ තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවනවා.