27.7 C
Colombo
Thursday, April 25, 2024

යුපුන්ගේ ආරම්භය ප්‍රමාද වෙයි

- Advertisement -

ආරම්භයේ සිදුවූ ප්‍රමාදය හේතුවෙන් ලෝක මළල ක්‍රීඩා තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ට් අද අහිමි වී ගියා.

අමෙරිකාවේ Oregon හී පැවැත්වෙන මෙම තරගාවලියේ මීටර් 100 මූලික වටයේ තෙවන තරගයට සහභාගි වූ යුපුන් එය අවසන් කළේ පස්වැන්නා ලෙසයි.

එහිදි යුපුන්ගේ තරග අවසන් කාලය සටහන් වූයේ තත්ත්පර 10.19ක් ලෙසයි.

එය යුපුන්ගේ පෞද්ගලික හොදම දක්ෂතාවය අසලට ළඟා වීමක් හෝ නොවන අතර තරග ආරම්භයේ ඇතිවූ ප්‍රමාදය ඊට හේතුවුණා.

මේ අතර මුලික වටයේ දෙවන තරගයට සහභාගි වූ අමෙරිකාවේ Fred Kerley එය තත්ත්පර 9.79කින් අවසන් කිරීම කැපී පෙනුණා.

මෑත කාලින 100m මුලික වටයේ තරගයකදී වාර්තා වූ හොදම කාලය ලෙස මෙය සැලකෙනවා.

තරගාවලියේ මුලික වටයේ තරග 07ක් පැවැත් වූ අතර සෑම තරගයකම පළමු තිදෙනා අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා හමුවෙලා

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...