33 C
Colombo
Friday, April 19, 2024

ලොව ප්‍රථම DNA එන්නත ඉන්දියාවේ හදිසි භාවිතයට අනුමැතිය

- Advertisement -

හදිසි භාවිතය සඳහා කොවිඩ් -19 ට එරෙහි ලොව ප්‍රථම DNA එන්නතට ඉන්දියාවේ ඖෂධ නියාමන ක්‍රියාවලිය තුළ අනුමැතිය හිමිවී ඇතැයි වාර්තා වේ.

මාත්‍රා තුනේ සයිකොව්-ඩී (ZyCoV-D ) එන්නත ලබා ගත් අයගෙන් 66% කගේම රෝග ලක්‍ෂණ පහව ගොස් ඇති බව ‘කැඩිලා හෙල්ත්කෙයාර්’ උපුටා දැක්වූ අතුරු අධ්‍යයනයකට අනුව හෙළිව තිබේ.

මේ වෙනුවෙන් එන්නත්කරණ මධ්‍යස්ථාන 50 කට වැඩි ගණනක ස්වේච්ඡා සේවකයන් 28,000 ක් සම්බන්ධ කරගනිමින් ඉන්දියාවේ මෙතෙක් සිදු කළ විශාලතම එන්නත් අත්හදා බැලීම සිදුකළ බව කැඩිලා හෙල්ත්කෙයාර් ආයතනය පවසනු ලබයි.

ඉන්දියාවේ තරුණයින් තුළ කොවිඩ් -19 එන්නතක් පරීක්‍ෂා කළ පළමු අවස්ථාව මෙය බව ද එම සමාගම පවසයි. අවුරුදු 12-18 වයස් කාණ්ඩයට අයත් පුද්ගලයින් 1,000 ක් පමණ පරීක්ෂණය සඳහා දායකත්වය ලබා දී ඇති අතර මෙම වයස් කාණ්ඩය සඳහා එන්නත් “ආරක්ෂිත සහ හොඳින් දරා ගත හැකි”මට්ට්මේ පවතින බව පරීක්ෂණ තුළින් අනාවරණය වී තිබේ.

මෙය විශේෂයෙන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති වූ වික්‍රියා වලට එරෙහි කාර්යක්ෂම බව නැවත තහවුරු කර ඇති බවත් එන්නත නිපදවන සමාගම පවසා ඇති බව nature.com වාර්තා කරයි.

DNA සහ RNA යනු ජීවයක පදනම වන, දෙමව්පියන්ගෙන් දරුවන්ට සම්ප්‍රේෂණය වන ජානමය තොරතුරු රැගෙන යන අණු ය.

අනෙකුත් එන්නත් මෙන්ම DNA එන්නත ද හරහා වෛරසයට එරෙහිව සටන් කිරීමට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙහෙයවන අතර වසංගතය පාලනය කිරීම සඳහා එන්නත මඟින් සුවිශේෂී බලපෑමක් සිදුවනු ඇතැයි පර්යේෂකයින් පෙන්වා දෙයි.

RECENT ARTICLES - SINHALA

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...