මව්බිම පුවත්පතේ සංස්කාරකවරයා ඇතුළු 14 දෙනෙකුට කොවිඩ්

මව්බිම පුවත්පත් කාර්යාලයේ මාධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් පවසනවා. එම පුවත්පතේ ප්‍රධාන සංස්කාරකවරයා ඇතුළු සංස්කාරකවරුන් දෙදෙනෙකුද ආසාදිත පුද්ගලයින් අතර සිටින බවයි වාර්තා වන්නේ. ඊයේ (27) දිනයේ සහ අද (28) දිනයේ සිදුකරන ලද PCR පරීක්ෂණ 35 කදී මොවුන් හට කොවිඩ් ආසාදනය වී ඇති බවට හදුනාගැනුනා.