ලක්ෂ 640ක කප්පම: මිලියන 25 ක දඩය වැඩියි..! – ඇමති ප්‍රසන්න

ව්‍යාපාරිකයෙකුගෙන් ලක්ෂ 640 ක කප්පමක් ඉල්ලා සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ ඇමති ප්‍රසන්න රණතුංගට එරෙහිව රුපියල් මිලියන 25 ක දඩයක් අධිකරණය මගින් නියම කරනු ලැබුවා. එවැනි විශාල දඩයක් නියම කිරීම යුක්ති සහගත නැති බව පවසමින්, අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් විසින් එම දඩය ප්‍රතිශෝදනය කරන ලෙස ඉල්ලා අභියචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.