අරගලකරුවන් අගමැති කාර්යාලය අත්පත් කරගනියි

කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට අරගලකරුවන් ඇතුළු වී තිබෙනවා. මේ වනවිටත් දහස් ගණන් ජනතාව අග්‍රාමාත්‍ය කාර්යාලය තුළට පිවිස තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයට පිවිසීම වැළැක්වීම සඳහා දැඩි ආරක්ෂක මුරකාවල් යොදා තිබූ නමුත් මේ වනවිට පොලීසිය සහ යුද හමුදාව එම කටයුතුවලින් ඉවත්ව ඇති අතර ජනතාවට නිදහසේ අගමැති කාර්යාලය තුළට පිවිසීමේ අවස්ථාව හිමිව ඇති බවයි වාර්තා වන්නේ.