ඉන්ධන පෝලිමක තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

භූමිතෙල් මිලදී ගැනීමට හැටන් නගරයේ ඉන්ධනහලක රැදී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙම පුද්ගලයා භූමිතෙල් ලබාගැනීම සඳහා අදාළ ඉන්ධන පෝලිමේ පැය 5කට අධික කාලයක් රැදීසිට තිබෙනවා. මියගිය පුද්ගලයා 55 හැවිරිදි දෙදරු පියෙකු බවයි වාර්තා වන්නේ. මේ දිනවල පවතින භූමිතෙල් හිඟය නිසා භූමිතෙල් මිලදී ගැනීමට ජනතාව හැටන් නගරයේ දිගු පෝලිම්වල රැඳී සිටිනවා.