රඹුක්කන වෙඩි තැබීම ගැන මට ගොඩාක් දුකයි..! – ගෝඨාභය

රඹුක්කන දී ඊයේ දින සිදුවූ වෙඩි තැබීම පිළිබඳව තමා අතිශයින් දුක්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ, ට්විටර් සටහනක් තබමින්. සාමකාමී විරෝධතා සඳහා වන ජනතා අයිතියට බලපෑමක් නොවිය යුතු බවයි ඔහු පවසන්නේ. අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂනයක් සිදු කරනු ඇති බවට පවසන ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සිටින ලෙසයි.