සටන් කරලා බලමු, ෆැසිස්ට්වාදීන්ට මම යටවෙන්නෑ – රනිල්

ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජන අරගලය ෆැසිස්ට්වාදීන්ගේ බලපෙරළියකට හැරවීමට තමන් කිසිසේත්ම ඉඩ නොදෙන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් වික්‍රමසිංහ මහතා පවසන්නේ ෆැසිස්ට්වාදයට එරෙහි සටනින් තමන් පසුනොබසින බවයි. ව්‍යවස්ථා රාමුවෙන් පිට සිදුවූ කැරලි හා අරගල නිසා මෙරටට විඳීමට සිදුවූ දුක් කම්කටොලු සියලු දෙනාම දන්නා බව වැඩබලන ජනාධිපතිවරයා සිහිපත් කරනවා.