රිජ්වේ රෝහලට මහේල හා සංගාගෙන් PCR යන්ත්‍රයක්

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපලක්වන කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කර තිබෙනවා.මේ සදහා හේමාස් හෝල්ඩිංග්ස් ආයතනයද දායක වුණා.යන්ත්‍රය පරිත්‍යාග කරන අවස්ථාවට හේමාස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරු විල්සන් මහත්මියද සහභාගී වුණා.ඇය මහේල ජයවර්ධන සභාපතීත්වය දරන ජාතික ක්‍රීඩා සභාවේ කමිටු සාමාජිකාවක්ද වනවා.