තෙලිජ්ජවිල වෙඩි තැබීමකින් අයෙක් මරුට

මාතර, තෙලිජ්ජවිල ප්‍රදේශයේ ඊයේ(20) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි. ජංගම දුරකථන අලෙවිකරන ස්ථානයක එම වෙළඳසැල තුළ සිටි පුද්ගලයෙක් මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගිය පුද්ගලයා වයස අවුරුදු 24ක වැලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.