Breaking : ජනාධිපතිගේ ලියුම ලැබුණා. අද රෑට රටට කියනවා – කතානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත මීට සුළු මොහොතකට පෙර යොමුකර ඇතැයි කතානායක කාර්යාලය පවසනවා. ඒ අනුව අදාළ ලිපිය අනිවාර්ය ක්‍රියා පටිපාටියක් ලෙස නීතිමය තහවුරු කරගැනීමේ ක්‍රියාවලියක් සිදුකරමින් පවතින බවයි එම කාර්යාලය සදහන් කරන්නේ. ඉන් අනතුරුව කථානායකවරයා එය නිල වශයෙන් අද රාත්‍රියේ ප්‍රකාශයට පත්කරන බවයි වාර්තා වන්නේ.