නැව් ගිනිගනිද්දී, කොවිඩ් පැතිරෙද්දී වරාය නගර පනතට කතානායක අත්සන් තබයි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තබා තිබෙනවා. අද (27) පෙරවරු 11.20 ට මෙම පනත සදහා කතානායකවරයා සිය අත්සන යෙදූ බව කතානායක කාර්යාලය නිවේදනය කරනවා. මේ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත අද සිට බලාත්මකවනවා.