කෙහෙළියගේ නිවස අසල විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවස අසල මේ වන විට සිදුවන විරෝධතාවය විසුරුවීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වනවා. මේ අතර හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ නිවස අසල ද විශාල ජන විරෝධතාවයක් සිදුවන අතර ඔහුගේ අනුරුවකට ගිණි තැබීමක් සිදුව තිබෙනවා.