අරලියගහ මන්දිරයටත් ගිනිගනියි

කොළඹ පිහිටි අරලියගහ මන්දිරයට විරෝධතාකරුවන් විසින් ගිනිතබා තිබෙනවා. මේ අතර, සනත් නිශාන්ත සහ රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගේ නිවාස වලට සහ රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ කාර්‍යාලයට විරෝධතාකරුවන් ගිනිතබා තිබෙනවා. තවද, මීගමුවේ පිහිටි ඇවෙන්රා ගාඩන්ස් හෝටලය ගිනිගෙන ඇති බව වාර්තා වනවා.