31 C
Colombo
Saturday, March 25, 2023

කොරෝනා මැද්දේ ධනවත් වූ අය

- Advertisement -

කොවිඩ්-19 වසංගත තත්ත්වය ලොව පුරා රටවල ආර්ථික අඩපණ කිරීමටත්, අතිවිශාල ජනතාවක් රැකියා වියුක්තිකයන් පිරිසක් බවට පත්කරලීමටත් මේ වන විට හේතු වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් මේ වන විට කොවිඩ් අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන්ගේ ප්‍රමාණය මිලියන 40 ක් බව වාර්තා පෙන්වා දේ. එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය මෙන් දෙගුණයකට ආසන්නය.

කෙසේ වෙතත් කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ ලොව ජන ජීවිතය නව සාමාන්‍යයක් කරා පරිවර්තනය වී ඇති අතර එය ඇතැම් සමාගම් නව මානයන් කරා ගෙන යාමට සමත්ව ඇත. ෆෝබ්ස් වාර්තාවන්ට අනුව ලොව ලොකුම ධනවතා හැටියට සැලකෙන Amazon නිර්මාතෘ ජෙෆ් බෙසොස් ගේ වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 48 කින් මෙම වසරේ මාර්තු සිට ජූනි දක්වා වසංගත කාලය තුළ දී වර්ධනය වී ඇත. එසේම මයික්‍රොසොෆ්ට් හි හිටපු ප්‍රධාන විධායක ස්ටීව් බෝල්මෙර් ගේ ධනය ඩොලර් බිලියන 15.7 කින් හා එලන් මස්ක් ගේ ධනස්කන්ධය ඩොලර් බිලියන 17.2 කින් මෙම වකවානුව තුළ දී වර්ධනය වී තිබේ. මේ අතර විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඇමරිකානු බිලියනපතියනගේ සමස්ත ධනස්කන්ධය මෙම 2020 මාර්තු – ජූනි කාලය තුළ දී ඩොලර් බිලියන 637 කින් ඉහළ ගොස් ඇති බවයි.

ඇමරිකාවේ තත්ත්වය එසේ වෙද්දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද ඊට සමාන ප්‍රවෘත්තියක් අනාවරණය කර ගැනීමට අද දෙරණ Biz සමත් වූයේ, කොවිඩ් අර්බුදය මධ්‍යයේ පවා මෙරට සමාගම් රැසක් සුපිරි කාර්යසාධනයක් අත්පත් කරගැනීමට සමත් වූ ආකාරය ප්‍රකාශයට පත්වීමත් සමඟිනි. මෙම නව සාමාන්‍යකරණය තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැනි කර්මාන්ත ‘බිංදුවටම‘ කඩා වැටීම නිසා ඊට සම්බන්ධිත සමාගම් රැසකට යනඑන මං නැතිව තිබෙන පසුබිමක නොසිතූ විරූ ලෙස  වෙනත් කර්මාන්ත ක්ෂේත්‍රයන් හි සමාගම් ගණනාවක් සිය ලාභ දෙතුන් ගුණයකින් නොව ඊට ඉක්මවා උපරිම කර ගැනීමට සමත්ව තිබීම විශේෂයෙන් අවධානය කළ යුත්තකි. මේ හරහා එම සමාගම්වල කොටස් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාමත්, ඒවායේ ආයෝජනය කළ ආයෝජකයින් සුපිරි ප්‍රතිලාභ අත්පත් කර ගැනීමටත් අද වන විට සමත්ව ඇත. විශේෂයෙන්ම මේ වන විට දේශීය වශයෙන් ක්‍රියාත්මක නිෂ්පාදන කර්මාන්තයන් හි නිරත සමාගම් කැපීපෙනෙන කාර්යසාධයනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත. රජය විසින් දැඩි ලෙස ආනයන සීමා පනවා තිබීම ද මෙම සමාගම්වලට වෙස් වළාගත් ආශිර්වාදයකි.

මේ ඊට හොඳම උදාහරණයකි.

ධම්මික පෙරේරා ශ්‍රී ලංකාවේ අංක එකේ ධනවතා ලෙස සැලකේ. නිල වශයෙන් නිකුත් කළ සංඛ්‍යාලේඛන ඇතත් නැතත් එය බොහෝ දෙනා පොදුවේ පිළිගන්නා කරුණකි.

මෙරට ප්‍රමුඛතම ලැයිස්තුගත සමූහ සමාගම් දෙකක් වන හේලීස් පීඑල්සී සහ වැලිබල් වන් පීඑල්සී සමාගම් වල ප්‍රමුඛ කොටස්කරුවා වන්නේ ඔහුය. 2020 ජූනි 30 වන විට හේලීස් සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 51.01% ක් ඔහුගේ නම ඉදිරියෙන් ලියැවී තිබුනේ කොටස් 38,259,697 (මිලියන 38.25) ක් සමඟිනි. 2020 වසර ආරම්භයේ දී හේලීස් සමාගමේ කොටසක මිල දැක්වුණේ රු. 170.50 ලෙසිනි. වසර ආරම්භයේ දී එසේ සටහන් වූ කොටසක මිල පසුගිය නොවැම්බර් 06 වනදා වන විට සටහන් වූයේ රු. 427.70 ක් වශයෙනි. මේ අනුව 2020 වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී පමණක් හේලීස් සමාගමේ කොටසක මිල රු. 257.20 කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව ධම්මිකගේ හේලීස් සමාගමේ ආයෝජන වටිනාකම 2020 වසර තුළ දී රු. මිලියන 9,840.39 කින් හෙවත් රු. කෝටි 984 කින් වැඩි වී තිබේ.

එසේම ධම්මික පෙරේරා බහුතර කොටස් අයිතිය දරන අනෙක් සමූහ සමාගම වන වැලිබල් වන් පීඑල්සී හි කොටසක මි රු. 17.60 සිට රු. 25.40 දක්වා 2020 වසරේ මේ දක්වා කාලය තුළ දී ඉහළ ගොස් ඇත. වැලිබල් වන් පීඑල්සී හි කොටස් 689,726,471 (මිලියන 689.72) ක් හෙවත් 63.478%ක හිමිකාරීත්වයක් ඔහු සතුය. ඒ අනුව වැලිබල් වන් ඔහුගේ ආයෝජන වටිනාකම මෙම වකවානුව තුළ දී රු. මිලියන 5,379.86 කින් හෙවත් රු. කෝටි 537 කින් වැඩි වී තිබේ.

මේ අනුව ධම්මික පෙරේරාගේ සමස්ත ආයෝජනවල වටිනාකම 2020 වසර තුළ දී රු. කෝටි 1,522 කින් මේ වන විට ඉහළ ගොස් ඇත.

2020 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුවේ හේලීස් සමාගමේ මූල්‍ය ප්‍රකාශය බොහෝ දුරට මෙම සතිය තුළ දී නිකුත් කෙරනු ඇත. 2020 ජූනි 30 න් අවසන් කාර්තුව තුළ දී සමූහයේ ඒකාබද්ධ බදු ගෙවීමෙන් පසු ලාභය පෙර වසරේ සමාලෝචිත කාර්තුව හා සැසඳීමේ දී රු. මිලියන 73.44 ක අලාභයක සිට රු. මිලියන 561 .76 ක ලාභයක් දක්වා කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇත.

මේ වන විට සමූහයේ ලැයිස්තුගත අනුබද්ධ සමාගම් කිහිපයක නවතම මූල්‍ය ප්‍රකාශ නිකුත් වී ඇති අතර ඒ අනුව 2020 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව තුළ දී අනගිභවනීය කාර්යසාධනයක් ළඟා කර ගැනීමට එම සමාගම් සමත්ව ඇත. එහිදී Haycarb PLC සමාගමේ ඒකාබද්ධ බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 355.33 සිට රු. මිලියන 1,137.91 ක් දක්වා 220% කින්, DIPPED PRODUCTS PLC හි සමූහ බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 230.49 සිට රු. මිලියන 1,389.70 දක්වා 503%කින්, Hayleys Fabric PLC බදු ගෙවීමෙන් පසු ලාභය ඩොලර් 759,837 සිට ඩොලර් 1,078,233 ක් දක්වා 42%කින් වැඩි වී ඇත.

මේ අතර මෙරට ටයිල් කර්මාන්තයේ පූර්ණ ඒකාධිකාරීත්වයක් ධම්මික පෙරේරා යටතේ නිර්මාණය වී ඇත්තේ ලංකා ටයිල්, රෝයල් සෙරමික්, ලංකා වෝල්ටයිල්, ලංකා සෙරමික්, ස්විස්ටෙක් සිලෝන් යනාදී සමාගම්වල පරම කොටස් හිමිකාරීත්වය ඔහුගේ පාලක කොටස් අයිතිය සතු වැලිබල් වන් පීඑල්සී යටතේ වන හෙයිනි. මෙම සමාගම් සියල්ලම පසුගිය කාර්තුව තුළ දී කැපීපෙනෙන මූල්‍ය කාර්යසාධනයක් අත්පත් කර ගෙන තිබේ. එහිදී රෝයල් සෙරමික් රු. මිලියන 611 සිට රු. මිලියන 1,663 දක්වා, ලංකා සෙරමික් රු.මිලියන 6.75 සිට රු. මිලියන 11.77 දක්වා, ලංකා ටයිල්ස් රු. මිලියන 156 සිට රු. මිලියන 433 දක්වා, ලංකා වෝල් ටයිල් රු. මිලියන 34 සිට රු. මිලියන 147 දක්වා, ස්විස්ටෙක් සිලෝන් රු. මිලියන 52.81 සිට රු. මිලියන 64.98 ක් දක්වා යනා දී වශයෙන් බදු ගෙවීමෙන් පසු ලාභ වාර්තා කිරීමට සමත්ව ඇත.

කෙසේ වෙතත් හේලීස් සමූහය ප්‍රධාන කොටස්කරුවා වන අමායා ලෙසර් පීඑල්සී හෝටල් ජාලය පසුගිය සය මාසය තුළ දී රු. මිලියන 310 ක් කිංග්ස්බරි හෝටලය රු. මිලියන 430 ක් යනා දී වශයෙන් අලාභ වාර්තා කර ඇත.

මේ අනුව ආගන්තුක සත්කාරක අංශය එලෙස කඩා වැටෙද්දී නිෂ්පාදන කර්මාන්ත අංශය වඩාත් සාර්ථක අයුරින් මෙම වසංගත වකවානුවේ දී ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබේ.

(අද දෙරණ Biz News වෙබ් අඩවියෙනි.)

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...