29 C
Colombo
Wednesday, March 29, 2023

සඳේ ගල්වලින් ඔක්සිජන් ගන්න හැටි

- Advertisement -

නුදුරු අනාගතයේදී සඳට යන ගගනගාමීන් සඳේ ඇති දුහුවිලි මත පා සටහන් තැබීමෙන් එහාට ගිය බොහෝ දේවල් කරනු ඇති.

මේ වන විට බ්‍රිතාන්‍යයේ ආයතනයක් වන මෙටලිසිස් නම් ආයතනය සඳේ ඇති දුහුවිලි සහ පාෂාණ පාවිච්චි කරමින් ඔක්සිජන් නිපදවීම සඳහා යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ කොන්ත්‍රාත්තුවක් දිනාගෙන තිබෙනවා. ඒ අනුව එම පාෂාණවල තිබෙන ඔක්සිජන්වලින් ඕ2 හෙවත් ඔක්සිජන් වායුව නිපදවීම කරනු ඇති. එහි ඇති ඇලුමිනියම්, යකඩ සහ අනෙක් ලෝහමය අංශු සඳේ ඉදිකිරීම් සිදුකරන සමාගම්වලට අමුද්‍රව්‍ය ලෙස ලබාදෙනු ඇති.

නුදුරේදී සඳ මත අභ්‍යවකාශ තොටුපොළක් පිහිටුවීමේ අරමුණ ලොවපුරා ප්‍රමුඛ රාජ්‍යයන් ගණනාවකට තිබෙනවා. අද අපට අභ්‍යවකාශ තොටුපොළක් යන්න නුහුරු වචනයක්. නාවික තොටුපොළවල් සහ ගුවන් තොටුපොළවල් තරම් එය සුලභ  නැහැ. එහෙත්, සඳේ අභ්‍යවකාශ තොටුපොළක් ඉදිකිරීමෙන් පසු ඉදිරි සියවස් කිහිපය තුළ සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ස්ථානවල පවා අභ්‍යවකාශ තොටුපොළවල් ඉදිකිරීම එදිනෙදා දෙයක් වීමේ ඉඩක් තිබෙනවා.

‘අප පෘථිවිය මතින් රැගෙන යන සෑම දෙයක්ම ගමන් කරන යානාවලට අමතර බරක් වෙනවා. පෘථිවියේ සිට ගෙන යන දේවල් ප්‍රමාණය හැකි තරම් අඩු කරන්න ඕනෑ. ඒ අනුව සඳේදී අවශ්‍ය වන අමුද්‍රව්‍ය සඳේදීම නිපදවාගන්නට හැකි වෙන්න ඕනෑ. එහෙම වුණොත් කාලය, මහන්සිය සහ මුදල් සෑහෙන ඉතිරිවෙනවා.’ ‍මෙටලිසිස්හි කළමණාකාර අධ්‍යක්ෂ ඉයන් මෙලර් එසේ කියා තිබුණා.

දැනට කර ඇති අධ්‍යනයන් අනුව සඳේ පාෂාණවල බරෙන් සීයට 45ක් ඇත්තේ ඔක්සිජන්. ඉතිරිය බොහෝවිට යකඩ, ඇලුමිනියම් සහ සිලිකොන්.

නාසා ආයතනය, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය එම කටයුතු සඳහා සැලසුම් සකස් කර තිබෙනවා. ඒ අනුව අනාගතයේදී දුරබැහැර අභ්‍යවකාශ ගමන් සඳහා ඉන්ධන ආදී සේවා පහසුකම් සපයන මධ්‍යස්ථානයක් ලෙස සඳේ පිහිටුවන අභ්‍යවකාශ මධ්‍යස්ථානය කටයුතු කරනු ඇති. එයින් පසු සඳ මත ගම්මානයක් ඉදිකිරීමට නාසා ආයතනය සැලසුම් කර සිටිනවා. අනාගතයේදී සඳ මත ජනාවාස සහ හෝටල් ආදිය පවා ඉදිවනු ඇති. ඒ වෙනුවෙන් සඳේ තිබෙන පහසුකම් පාවිච්චි කොට, සඳ මත ජීවත්විය හැකි ජනාවාස සැකසීමේ මූලික කටයුතු දැන් සිදුවෙනවා.

යුරෝපීය අභ්‍යවකාශ ආයතනය ඉදිරියේදී සඳ මත සිදු කිරීමට බලාපොරොත්තුවන මෙහෙයුම් පිළිබඳ විස්තර ඇතුළත් පූර්ණ සැලැස්මක් ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.  2024 වෙද්දී මේ මෙහෙයුම්වල මුල්ම ගගනගාමීන් සඳ මතට ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ පෘථිවියේ මහාද්වීප හතට අමතර හත්වැනි මහාද්වීපයක් ලෙස ඉදිරියේදී සඳ පවතිනු ඇති බව විද්‍යාඥයන් අනුමාන කරනවා.

සාරා හනීෆා

RECENT ARTICLES - SINHALA

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...