25 C
Colombo
Monday, May 20, 2024

කෘෂිකර්මාන්තය නවීකරණයට ඩොලර් මිලියන 100ක ආයෝජනයක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේදී මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි.

මේ සඳහා ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය වෙනුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, දේශගුණික අවදානම් සංසදය වෙනුවෙන් එහි මහ ලේකම් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩි සහ පෘතුගාලයේ නවීටා කැපිටල් සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ කාලෝස් ගෝමස් යන මහත්වරුන් අත්සන් තබා තිබෙනවා.

ගොවිපල අස්වැන්න සහ ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමේ අරමුණින් වැඩිදියුණු කළ සහ වඩාත් තිරසාර ගොවිතැන් පිළිවෙත් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම මෙම ගිවිසුමේ අරමුණ වනවා.

ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සිදුකර ගොවී පවුල් 15,000කට අවශ්‍ය ආධාර හා තාක්ෂණය ලබාදෙන නියමු ව්‍යාපෘතියක් මේ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට ද නියමිතයි.

අවබෝධතා ගිවිසුමට ඇතුළත් කර ඇති ගොවිතැන් හා වන වගා ව්‍යාපෘති හඳුනාගෙන තිබෙන්නේ දේශගුණික අවදානම් සංසදයහි සහාය ඇතිව ශ්‍රී ලංකාව විසින් කෙටුම්පත් කරන ලද ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම තුළින් බව සඳහන්.

නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙළ අනුව කෘෂිකර්මාන්තයට නවීන තාක්ෂණය හඳුන්වාදීම සඳහා සහායවීමට පෘතුගාල සමාගමක් ආයෝජකයකු ලෙස ඉදිරිපත්ව සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මෙම වැඩපිළිවල ආරම්භ කිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 15,000ක් හා අක්කර 15,000ක් දැනටමත් හඳුනාගෙන ඇති බවත් ඉන් පවුල් 15ක් සහ අක්කර 15ක් මෙම නියමු ව්‍යාපෘතියට එක් කර ගැනීමට නියමිත බවත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...